එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සන්ධානයක් ගොඩනැඟීමේ වගකීම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස භාර ගත් බව සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය. ඔහු මේ බව පැවසුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
දෙපාර්ශ්වය එක්ව කටයුතු කරන්නේ කෙසේද? එහිදී වගකීම් බෙදාගන්නේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් තම පක්ෂය අභ්‍යන්තරයේ මේ වන විට දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින බවද පෙන්වා දුන් මහලේකම්වරයා, ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙළ නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සලසා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද අවධාරණය කළේය.