මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 2 දක්වා ඉහළට

මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඉකුත් වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි  ඇමරිකානු ඩොලර් මිලියන 2826.5 දක්වා සියයට 12.3කින් වැඩිවි ඇති බව ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
 2024 වර්ෂයේ මුල් මාස 11ට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස 11 තුලදි  කෘෂිකර්මික අපනයන ආදායම  සැලකිය යුතු අයුරින් වැඩිවි ඇත.

ඒ අනුව තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1401.4 දක්වා සියයට 7.4කින්, රබර් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 28.9 දක්වා සියයට 22.4කින්, පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර්මිලියන 529.2 දක්වා සියයට  සියයට 39.1කින් වැඩි වි ඇති බවද ශ්‍රිලංකා මහබැංකුව පෙන්වාදෙයි.

එළවළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 31.2 දක්වා සියයට 22කින් සහ  සුළු කෘෂිකාර්මික නිෂ්පාදන ආපනය ආදායම ඩොලර් මිලියන 196.5 දක්වා සියයට  39.6කින්  වැඩිවි තිබුණි. කෙසේවුවද කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 399.3 දක්වා සියයට  2.1කින් අඩුවි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *