පේරාදෙණිය කළු පාලම හදන්න රාජ්‍ය ආයතන දිව රෑ නොබලා එක දිගටම වැඩ

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරට අසුව දැඩි ලෙස හානියට පත්වූ පේරාදෙණිය කළු පාලම යථා තත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ රාජ්‍ය ආයතන රැසක් සමඟ එක්ව මේ දිනවල දිවා රාත්‍රී වෙහෙසි කටයුතු කරයි.

මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ,පේරාදෙණිය විශ්ව විද්‍යාලය ,ඉංජිනේරුමය මධ්‍යම උපදේශක කාර්යාංශය , ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනවල ඉංජිනේරුවන් නඩත්තු අංශ සේවකයන් ඇතුලු රැසක් එක්ව සිටිති. මෙම පාලමට හානි වීම  හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *