නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීමට ජර්මානු ආයෝජකයින් පිරිසක් ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ දැනට පවතින ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම සඳහා , ජර්මානු ආයෝජකයින් පිරිසක් ඊ​යේ(05) උදෑසන දිවයිනට පැමිණියා.

මෙය ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ජර්මානු සංචාරයේ ප්‍රථිපලයක්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස පසුගියදා ජර්මනියේ සිදු කළ සංචාරය අතරතුරදී / ජර්මන් තාක්ෂණික විද්‍යාලය වැනි නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කර තිබුණා.

එලෙස සාකච්ඡා කළ ජර්මාණු ආයෝජකයින් පිරිසයි අද(05) දිනයේදී කටුනායක ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණියේ.

06 දෙනෙකුගෙන් සමන්විත මෙම ජර්මන් ආයෝජකයින් පිරිසෙහි නායකත්වය දරන්නේ මහාචාර්ය තෝමස් හොල්ඩ්නර් මහතායි.

ඔවුන් දින 14 ක කාළයක් මෙරට රැදී සිටීමට නියමිතයි.

මේ අතර රුපියල් ලක්ෂ 7ක් වැනි ඉහළ වැටුපකට ජර්මනියට සාත්තු සේවිකාවන් යොමු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද මෙම ආයෝජකයින් පිරිස සූදානම්ව සිටිනවා.

දිවයිනට පැමිණි ජර්මානු දූත පිරිස පිළිගැනීම සඳහා ජර්මනියේ සංචාරක කර්මාන්තය පිළිබඳ කතිකාචාර්යවරයෙකු වන ජයදේව සුදුසිංහ මහතා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *