ආඝාතය සහ හෘදයාබාධ නිසා ලංකාව ලෝකයේ සෞඛ්‍ය පිරිහුණ රටවල් 40 අතරට එයි

ලෝකයේ සෞඛ්‍ය සේවා මනින CEO World Global Health Index දර්ශකය අනුව 2025 වසරේ ලොව සෞඛ්‍ය සම්පන්න රටවල් අතර ලංකාව 158 වන තැනට පහළ වැටී ඇත.

මේ අනුව ලංකාව ලොව සෞඛ්‍ය පිරිහුණු රටවල් 40 ලැයිස්තුවට ද ඇතුළත් වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන අපේක්ෂාව, රුධිර පීඩන මට්ටම්, රුධිරයේ සීනි මට්ටම්, ස්ථුලතාව, විෂාදය ඇති වීමේ ප්‍රවණතාව, සමස්ත සන්තුෂ්ටිය, මද්‍යසාර භාවිතය, දුම් කොළ භාවිතය, ශාරීරික ක්‍රියාකාරිත්වය, රජය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වැය කරන මුදල සැලකිල්ලට ගෙන මෙම දර්ශකය සකසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ මරණවලට ප්‍රධාන හේතුව ආඝාතය සහ හෘදයාබාධ වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව වසර 5.72න් කලින් වසරවලදීට වඩා වැඩි වී තිබේ. යුද්ධයෙන් බැට කන උපසහරානු අප්‍රිකාව මේ දර්ශකයේ පහළින් ම සිටියි.

ලංකාවේ මහජන සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම මඳකම බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *