වසර 03ක් තුළ විදුලි බිල 30%කින් අඩු කරන පොරොන්දුව ඉදිරියේදී ඉටු කරනවා – බලශක්ති ඇමති

වසර තුනක් තුළ සිය­යට 30කින් විදුලි බිල අඩු කරන බවට වූ පොරො­න්දුව ඉදි­රි­යේදී ඉටු කරන බව ද බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (06) පැව­සීය.

සමගි ජන බල­වේ­ගය මොන­රා­ගල දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම්. ධර්ම­සේන මහතා වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

මහල් නිවාස හා වෙ‍ෙළඳ සංකී­ර්ණ­ව­ලට විදු­ලිය ලබා­දී­මේදී ට්‍රාන්ස්පෝ­මර් අවශ්‍ය බවට තීර­ණය කර­නුයේ ඉල්ලා තිබෙන විදුලි සැප­යුමේ ධාරි­තාව අනුව බවද හෙතෙම කීවේය. කිලෝ වෝල්ට් ඇම්පි­යර් 100 ඉක්ම­වන්නේ නම් පම­ණක් ට්‍රාන්ස්පෝ­ම­රයේ පිරි­වැය අදාළ අය­දු­ම්ක­රුවා විසින් දැරිය යුතු බවත් මහ­ජන උප­යෝ­ගිතා කොමි­ෂන් සභාව සම්මත කළ නීති ප්‍රකා­රව ඉදිරි සැල­සුම් තීර­ණය කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. සැප­යුම් සේවා ධාරි­තාව අඩු අව­ස්ථා­ව­ලදී එනම් ඇම්පි­යර් 30 හෝ 60 දක්වා හෝ කිලෝ­වෝල්ට් ඇම්පි­යර් 99 දක්වා වන සැප­යුම් සඳහා ට්‍රාස්පෝ­මර් ඉදි කිරීම අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වුව­හොත් පම­ණක් මණ්ඩ­ලයේ විය­ද­මින් ට්‍රාන්ස්පෝ­ම­රය සප­යන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. පාරි­භෝ­ගි­ක­යා­ගෙන් අය කර­නුයේ මහ­ජන උප­යෝ­ගිතා සභාව අනු­මත කරන ඒවාට පම­ණක් වන බවත් කිලෝ­වෝල්ට් ඇම්පි­යර් 100 ඉක්ම­වන්නේ නම් අදාළ ට්‍රාන්ස්පෝ­ම­රයේ විය­දම අය­දු­ම්ක­රුවා විසින් දැරිය යුතු බවත් ඇමැ­ති­ව­රයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *