ජනගහනයෙන් තුනන් දෙකක් වන අවිධිමත් රැකියාවන්හි නියැළෙන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළා.
ධීවර කර්මාන්තයේ නියැළෙන පවුල් 272,900ක සාමාජිකයන් මිලියනයක් පමණ සිටින අතර වක්‍රව ගත් විට මිලියන 2.7ක් පමණ ධීවර කර්මාන්තය ආශ්රයෙන් ජීවත් වන බවත් ධීවර විශ්‍රාම වැටුපට මේ වන විට සම්බන්ධව සිටින්නේ 69,000ක් වැනි පිරිසක් පමණක් බවත් ඔහු කියා සිටියා.
දැනට විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලබන්නේ 6,312 දෙනකු පමණක් බවත් මේ ක්ෂේත්රය අවදානමක් පවතින ක්ෂේත්රයක් බැවින් විශ්‍රාම වැටුප් ක්‍රමයේදී වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් ඔහු පවසනවා.
“ජනගහන විද්‍යාඥයන් පුරෝකථනය කර තිබෙනවා 2041 වන විට වැඩිහිටි ජනගහනය 41%ක් දක්වා ඉහළ යනවා කියනවා. ඒ ජනතාව බලාගන්න විශ්‍රාම වැටුපක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අවිධිමත් ක්ෂේත්රයේ සිටින ජනතාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්න පියවර ගෙන තිබෙනවා. අපේ රටේ රාජ්‍ය සේවය ලක්ෂ 11ක් පමණ වෙනවා. ඔවුන්ගේ ආරක්ෂණය සුරක්ෂිත වී තිබෙනවා.
විශ්‍රාම ගත් පසුව ඔවුන්ට යම්කිසි ශක්තියක් ලැබෙනවා. නමුත් ජනගහනයෙන් තුනෙන් දෙකක් අවිධිමත් විදියට රැකියාවේ නිරතව සිටිනවා. ඒ ජනතාවට තමන්ගේ විශ්‍රාම දිවිය ගතකරන්න යන විට අවිධිමත් තත්ත්වයක් තිබෙනවා. ඔවුන් රැක බලාගන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න පියවර ගනිමින් සිටිනවා.
මේ වන විට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ගොවියන්ට වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. ජනගහනයෙන් 24%ක් පමණ ගොවිතැනේ නිරතව සිටිනවා. මේ තුළින් ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා”යැයි අමාත්‍යවරයා කියා සිටියා.