පරන්තන් රසායනික කම්හල නැවත අරඹයි – ජනවාරි 21 නැවත ආරම්භයට මුල්ගල තබයි

සී/ස පරන්තන් රසායන සමාගමෙහි ප්‍රධාන නිෂ්පාදන කම්හල 1956 සිට 1985 දක්වා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් හි පිහිටා තිබූ අතර 1956 සිට 1985 දක්වා එහි නිෂ්පාදන ව්‍යාපාර කටයුතු සාර්ථකව ක්‍රියාත්මක විය. 1985 වර්ෂයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් මෙම කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, මේ වන විට එම කර්මාන්තශාලාව නැවත පරන්තන්හිදී ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක සමාගම නිරතව සිටී.

සමාගම විසින් කෝස්ටික් සෝඩා /ක්ලෝරීන් කර්මාන්තශාලාව නැවත ඉදි කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇති අතර සී/ස පරන්තන් රසායන සමාගම විසින් දේශීය වෙළෙඳපොළෙහි ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනයක් ලෙස පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (Poly Aluminum Chloride (PAC)) සහ හයි‍‌‍ඩ්‍රොක්ලෝරික් අම්ලය (Hydrochloric Acid (HCl) නිෂ්පාදන පහසුකම් එම ස්ථානයේ ස්ථාපනය කිරීමට ඉදිරි කටයුතු සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *