විගණකාධිපතිවරයෙකු පත්කර නොමැති තත්ත්වයක් තුළ ලංකාවට අරමුදල් නික-ුත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ලෝක බැංකු-වෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටීමට නියමිත ය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා ඔහුට හිතවත් විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සදහා කුමන්ත්‍රණය කරමින් සිටින බව පවසා තිබෙන මන්ත්‍රීවරයා, විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීමට ප්‍රමාද වී ඇත්තේ ඒ හේතුව නිසා බවද පවසයි.
මූළාශ්‍රය – හෙඩ්ලයින් නිව්ස්