මධ්‍යම අධි­වේගී මාර්ගයේ රඹු­ක්කන-ගල­ගෙ­දර කොටස ඉදි­කි­රී­මට ටෙන්ඩර් කැඳ­වයි

මධ්‍යම අධි­වේගී මාර්ගයේ රඹු­ක්කන-ගල­ගෙ­දර කොටස ඉදි­කි­රී­මට ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය පව­සයි.ඊට අදාළ විස්තර https://rda.gov.lk/index.php?option=com_inquirie වෙබ් අඩවි හරහා ලබා ගත හැකි බව ද අමා­ත්‍යාං­ශය පව­සයි.

මධ්‍යම අධි­වේගී මාර්ගයේ තුන්වැනි අදි­යරේ රඹු­ක්කන-ගල­ගෙ­දර කොටසේ ඉදි­කි­රීම් දේශීය අර­මු­දල් භාවි­ත­යෙන් ආරම්භ කිරී­මට තීර­ණය කර ඇති බව රජය නිවේ­ද­නය කිරීම හේතු­වෙන් මෙලෙස වෙබ් අඩ­වි­වල පළ කර ඇත.මේ අනුව දේශීය ආයෝ­ජ­ක­යන්ට ඊට අව­ස්ථාව ඇති අතර 2026 අය­වැය යෝජ­නාව පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා රටේ මූල්‍ය අව­කා­ශය සැල­කි­ල්ලට ගනි­මින් දේශීය අර­මු­දල් භාවි­ත­යෙන් රඹු­ක්කන-ගල­ගෙ­දර කොටසේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කිරී­මට යෝජනා කර තිබුණු අතර මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ණය ආපසු ගෙවී­ම්ව­ලින් ඉතිරි ප්‍රති­පා­දන සහ අති­රේක අය­වැය ප්‍රති­පා­දන ඇතු­ළත්ව මේ සඳහා රුපි­යල් මිලි­යන 20,000ක් වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *