ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමා කෙරෙහි වෛරී සහගත ආකල්පයකින් පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘Hari TV’ යූ ටියුබ් නාලිකාව සමඟ මාධ්‍යවේදී ලහිරු මුදලිගේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) අතීත දේශපාලන ක්‍රියාකාරකම් සහ ඉන් තමා ඉවත් වීමට බලපෑ හේතු පිළිබඳව කරුණු දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.