අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සහ පිටත අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් පවසනවා.
ඊයේ (09) පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත් සබැඳියාවන් දෙකක් සම්බන්ධයෙන් චෝදනා කරමිනුයි අග්‍රාමාත්‍යවරියට එරෙහිව ඇතැම් පාර්ශ්වයන් මෙම අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටින්නේ.
කෙසේ වෙතත් හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව කරුණක් මුල් කර ගනිමින් අගමැතිනිය ඉලක්ක කරගෙන සිදු කරන මෙම මඩ ප්‍රහාර රටේ සමස්ත කාන්තාවන්ට සිදු කරන අපහාසයක් බවයි රාසමානික්කම් මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සදහන් කළේ.
ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් කරුණක් මුල් කරගනිමිනුයි විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළ සහ සමාජ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍යවරියට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන්නේ.
කෙසේ වෙතත් ඉංග්‍රීසි මොඩියුයට අදාළ මෙම සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විටකත් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන තිබෙනවා.
එවන් පසුබිමකදී තවමත් අගමැතිතුමිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුවේ සහ පිටත සිදු කෙරෙන අපහාසාත්මක ප්‍රකාශ අග්‍රාමාත්‍යවරියට පමණක් නොව රටේ සමස්ත කාන්තාවන්ට සිදු කරන අපහාසයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ඊයේ (09) සඳහන් කළේ