සමාව ඉල්ලුවොත් සමාව දෙනවා – මිහින්තලේ හිමි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදු කල ප්‍රකාශය ගැන වැරදි නිවැරදි කිරිමක් සිදු කලහොත් තමා සමාව දිමට සුදානම් බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙහිදි පවසා සිටියේ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් වු විනය ක්‍රියාමාර්ග පක්ෂය විසින් ගනු ඇති බවයි.

උන්වහන්සේ අද (13 අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැමිම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් විසින් සිදු කරන ලද ප්‍රශ්නවල පිලිතුරු දෙමින් මෙ බව පවසා සිටියා.

මෙහිද ධම්මරතන හිමියන් සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ විශාල මඩ ප්‍රචාරයක් සිදුවන බවත් ඉන් කිසිදු අවස්ථාවක ඇඳ නොවැටෙන බවයි.

තමා විසින් අවුරුදු එකහමාරකට පෙර නිරාගමික හා සමලිංගික ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකාශකල බව පවසන හිමියන් මේවන විට සිදුවෙමින් පවතින්නේ ඒවා බව අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *