බස් එකේ ඉදන් කන ගමන් සීගිරිය බලන්න බස්ටුරන්ට් සේවාව අද දඹුල්ලේදී ඇරඹෙයි

දඹුල්ල සහ සීගිරිය සංචාරක කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට වෙනස්ම මාදිලියේ අත්දැකීමක් එක් කරමින් “Dambulla Bustaurant” නම් නව බස් රථ සේවාව හෙට (2026 ජනවාරි 15) සිට පැල්වෙහෙර “සකුරා රෙස්ට්” අධිපති තුමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

ලෝකයේ බොහෝ දියුණු රටවල සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම සංකල්පය, මධ්‍යම පළාත් සංචාරක අධිකාරිය, මාතලේ දිස්ත්‍රික් සංචාරක අනු කමිටුව, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංචාරක නිළධාරි මහතා සහ වත්මන් ආණ්ඩු පක්ෂ මැති ඇමති තුමන්ලාගේ සහයෝගයෙන් සහ මඟ පෙන්වීමෙන් ආරම්භ වේ.

ගමන් මාර්ගය සහ පහසුකම්:
සුවිශේෂත්වය: මෙම බස් රථය තුළම ආපනශාලා පහසුකම් සලසා ඇති අතර, සංචාරකයින්ට ආහාර පාන භුක්ති විඳිමින් පරිසරයේ අසිරිය නැරඹීමට අවස්ථාව හිමි වේ.

ගමන් මාර්ගය: දඹුල්ල පැල්වෙහෙරින් ගමන් ආරම්භ කර දිගම්පතහ, කිඹිස්ස, සීගිරිය සහ ඉනාමළුව හරහා දඹුලු විහාරය, ඉබ්බන්කටුව හරහා නැවත පැල්වෙහෙර දක්වා මෙම චාරිකාව සැලසුම් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *