පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේ පවා තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කවර ප්‍රදේශයක වුවද කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එසේම, යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්රශ්නය තම පාලන කාලය තුළ විසඳන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500 ක් ඉදිකිරීම ඇතුළුව, රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහන 2026 සමාරම්භක අවස්ථාවට අද (16) පෙරවරුවේ චාවකච්චේරිය, මීසාලේ, වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා.