ඉදිරියේදී සෑම බසයකටම GPS සවිකරයි – සෙමින් ධාවනය කළහොත් පණිවුඩය ස්වයංක්‍රීයව පද්ධතියට

සෑම බසයකටම ජීපීඑස් (GPS) උපකරණයක් සවිකිරීමටත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කටයුතු සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ පැවසීය.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් මගී ප්‍රවාහන බස්වලට ලබා දී ඇති වේලාවන් නිරීක්ෂණය කිරීමට ජීපීඑස් තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීය. බස් නැවතුම්පොළ සහ බස් නැවතුම් වෙත නියමිත වේලාවට පැමිණීම නිරීක්ෂණය මෙන්ම බස් සෙමෙන් ධාවනය කළහොත් එම පණිවුඩය ස්වයංක්‍රීයව පද්ධතියට ලැබෙන අයුරින් මෙම ජීපීඑස් පද්ධතිය නිර්මාණය කිරීමට නියමිතය.  

මෙම ජීපීඑස් උපකරණ අගෝස්තු මාසය වන විට බස්වලට සවිකර අවසන් කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා කීවේය. මෙම වසර අවසන් වන විට බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවීමේ පහසුකම් සැලසීමට සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *