විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදු වීමට තිබුණ ද එය වැළකී ගොස් ඇතැයි සජබ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය දා කොල්ලුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණීමට කැමැත්තක් තිබී ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධව ප්‍රවෘත්තිය සජිත් ප්‍රේමදාස මහතාට සැලකර එදින එවැනි හමුවක් සිදුවීම සුදුසු නොවන බවට සජබ හිටපු මන්ත්‍රීවරයකු ප්‍රේමදාස මහතාට ගතු කියා ඇත.
ඔහු ඒ කරුණු ද සැලකිල්ලට ගෙන සජිත් ප්‍රේමදාස මහතා එම හමුව එදින සිදුවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රේමදාස මහතාට සුබ පැතීමට රනිල් හැර එජාප ජ්‍යෙෂ්ඨයන් එම ස්ථානයට පැමිණ සිටින අයුරු දැකගැනීමට හැකි විය.