පොහොට්ටු රැස්වීම උසස් පෙළ දරුවන්ට බාධාවක් වෙලා – විභාග සම්බන්ධීකාරක පොලිසියට දැනුම් දෙයි

තඹුත්තේගම නගරයේ ඊයේ පැවතී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීමේ  අධික ශබ්දය තඹුත්තේගම ජාතික පාසලේ උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේ සිටි උසස් පෙළ සිසුන්ට දැඩ් බාධාවක් වූ බව විභාග සම්බන්ධීකාරක තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට දැනුම්දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, අනුරාධපුර දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකින් පත්කිරීම වෙනුවෙන්, තඹුත්තේගම නගරයේ, උත්සව ශාලා භූමියක මෙම රැස්වීම පැවැත්විණ.

මෙදින පස්වරුවේ අපොස උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යා විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රය ලිවීම,සදහා පැමිණි සිටි සිසු දරු දැරියන් පිරිසක් මෙලෙස අපහසුතාවයට පත් ව ඇතැයි පැවැසේ.

මෙම අධික ශබ්දය විභාගය ලියන දරුවන්ට දැඩි බාධාවක් බවට විභාග ශාලාධිපතිවරුන් විභාග සම්බන්ධීකාරකවරයාට දැනුම්දීමත් සමග ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *