ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව, 2025 දෙසැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම තත්ත්වය වාර්තා වන්නේ දිත්වා සුළි කුණාටුවේ බලපෑම තිබිය දී වීම විශේෂ වේ.
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනෙක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය 2025 යදසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගෙක් වාර්තා කර තිබේ.
ප්‍රධාන වශනයන් උත්තසව සමයේ ඉල්ලුම ඉහළ යෑම මෙම ධනාත්මක වර්ධනයට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංක-ුව පවසයි.
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල කැපී පෙනන වර්ධනෙක් පෙන්නුම් කරමින්, 2025 පෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.9ක අගයක් වාර්තා කර තිබේ.