බිලියන 3.2ක් වියදම් කරමින් කොම්පඤ්ඤ විදියේ තදබදය අවසන් කරන්න ඉදි කළ ගුවන් පාලම ජනතා අයිතියට පත් කරයි

කොළඹ “බාලදක්ෂ මාවත” ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. 

ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340ක් වන අතර පළල මීටර් 11ක් වේ.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස මෙය සැලකෙයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *