ශ්‍රී ලංකාව සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලි­කයි – ලංකාවෙන් පිටව යන හිටපු අමෙ­රි­කානු තානා­පති ජුලී චංග් කියයි

ශ්‍රී ලංකාව සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලික යැයි සේවා කාලය නිම කොට මෙර­ටින් නික්ම යන හිටපු අමෙ­රි­කානු තානා­පති ජුලී චංග් මහ­ත්මිය සිය X ගිණුමේ සට­හ­නක් තබ­මින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ තානා­ප­ති­නිය ලෙස සේවය කිරී­මට අව­ස්ථාව ලැබීම තම ජීවි­තයේ ලද ඉහ­ළම ගෞර­ව­යක් බවද ශ්‍රී ලාංකි­ක­යන් අභි­යෝග මැද නොසැලී ඉදි­රි­යට යන ජාති­යක් බවද එහි සඳ­හන් කර ඇති ඇය, මේ සුන්දර දිව­යිනේ ජන­තා­වට ස්තූති කරන බවද සඳ­හන් කර ඇත. වසර හත­ර­කට ආසන්න කාල­ය­කට පසු කොළ­ඹින් පිටත්ව යෑමට නිය­මිත එක්සත් ජන­පද තානා­ප­තිනි ජුලී චැංග් මහ­ත්මිය සිය X ගිණුමේ වැඩි­දු­ර­ටත් පවසා ඇත්තේ ‘සිය ආද­ර­ණීය ශ්‍රී ලාංකික මිතු­රන්ට සහ සග­යන්ට ආයු­බෝ­වන්’ යනු­වෙනි. “අපි එකට කළ සෑම දෙයක්ම, ආර­ක්ෂාව සහ වරාය යටි­තල පහ­සු­කම් ශක්ති­මත් කිරීමේ සිට ප්‍රධාන වැඩ­ස­ට­හන් සඳහා සහාය වීම දක්වා, ශ්‍රී ලංකාව සමඟ ශක්ති­මත් හවු­ල්කා­රි­ත්ව­යක් ගොඩ­නඟා ගනි­මින් අමෙ­රි­කානු අව­ශ්‍යතා ආරක්ෂා කිරී­මට උප­කාරී වී තිබෙ­නවා. ඉතින් මේ සුන්දර දිව­යිනේ ජන­තා­වට, ස්තූතියි. ඔබේ කලාව, කතා, ඔරොත්තු දීමේ හැකි­යාව සහ ආත්මය සැම­වි­ටම මා සමඟ පව­ති­නවා. මම සමු­ගන්නා විට, අප ඉටු­කළ දේ ගැන ආඩ­ම්බර වන අතර ඊළ­ඟට එන දේ ගැන විශ්වා­ස­යෙන් සිටි­නවා. ශ්‍රී ලංකාව ගැන සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලික දෙයක් තිබෙ­නවා. ස්තූතියි, ශ්‍රී ලංකාව”. යැයි සඳ­හන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *