පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි 01 දා සිට රුපියල් 30,000 දක්වා ඉහළ දමයි

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බවය.

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *