අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා අපි කිව්වේ නෑ – සජිත් ප්‍රේමදාස කියයි

එක ශ්‍රේණියේ සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි සමගි ජන බලවේගය කිව්වේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අස්වැසුම කියන්නේ සැබැවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවේ.එය එසේ වන්නට නම් අංග සම්පූර්ණව නිෂ්පාදනය, ආයෝජනය, පාරිභෝජනය,ඉතිරි කිරීම සහ අපනයන කේන්ද්‍රගත වූ ඒකාබද්ධ වැඩසටහනක් තිබිය යුතුයි.සැබවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාල අංශ සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.එක ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි අප කිව්වාද?ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඔබතුමන්ලා දරුවන්ට ඉගෙන ගන්න අසභ්‍ය වෙබ් අඩවියක් නම් කරනවා.ඒක කලෙත් විපක්ෂයද?ඒක කළේ ඔබතුමන්ලාගේ නිලධාරීන්.අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කිසිසේත් විරුද්ධ වුණේ නැහැ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *