බේරේ වැව පිහිනීමට සුදුසු මට්ටමට ගෙන්න බිලියන 2.5ක දැවැන්ත මුදලක් වෙන් කරයි

සර ගණනාවක සිට දැඩි ලෙස අපවිත්‍ර වී ඇති කොළඹ බේරේ වැව පිරිසිදු කර, එය පිහිනීමට සහ ජල ක්‍රීඩා සඳහා සුදුසු ආරක්ෂිත මට්ටමකට ගෙන ඒමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 2,500 ක (බිලියන 2.5) ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

ව්‍යාපෘතියේ ප්‍රධාන පියවර

  • අපද්‍රව්‍ය පද්ධති වසා දැමීම: බේරේ වැවට නීති විරෝධී ලෙස මළාපවහන අපද්‍රව්‍ය බැහැර කළ ස්ථාන 192 ක් මේ වන විටත් හඳුනාගෙන වසා දමා ඇත.
  • පතුල පිරිසිදු කිරීම (Dredging): වැව පතුලේ තැන්පත් වී ඇති මඩ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු (Dredging) ඉදිරි මාස තුන ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.
  • ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීම: වැව් ජලයේ ඔක්සිජන් මට්ටම ඉහළ නංවා මසුන්ට ජීවත් වීමට සුදුසු වටපිටාවක් සැකසීම සඳහා ජල විදින (Water Fountains) සහ වායුකාරක (Aerators) සවිකිරීමට සැලසුම් කර ඇත.
  • සූර්ය බල බෝට්ටු භාවිතය: ප්ලාස්ටික් සහ අනෙකුත් පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියා කරන විශේෂ යාත්‍රා දෙකක් දැනටමත් යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *