අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සනත් නිශාන්ත විසින් ඔහු බලයේ සිටින කාලයේදී කූඨ ලේඛන මගින් පුත්තලම ප්‍රදේශයේ අක්කර 87 – 100 අතර ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් විසින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මෙම ඉඩම් ඔහුගේ බිරිඳ විසින් මේ වන විට ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කර සිටි අතර, මේවා යළි පවරා ගන්නේ කෙසේදැයි යන්න මන්ත්‍රීවරයා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.