මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ස්ථාවර මට්ටමේ සිට ධනාත්මක මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි.
ඔවුන්ගේ අනුමානය වන්නේ, ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන ණය සහ මූල්‍ය ඉලක්ක අභිබවා යනු ඇති බවයි.
රටේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තියුණු අඩුවීමක් පෙන්නුම් කිරීම ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාමට හේතු- වනු ඇති බව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් වැඩිදුරටත් පවසයි.