රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා – හිටපු ජනපති රනිල්

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ පසුබිමක වත්මන් පාලකයින්ට ඉන් මිදිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ,

“විහාර දේවාලගම් පනත සම්මත කරලා තියෙනවා. ඒකෙ විහාරවලට අයිති දේවල් විහාරවලට. දේවාලවලට අයිති දේවල් දේවාලවලට අයිතියි. අපි දෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ දේවාලවලට නැත්තන් විහාරවලට. ඒවාට අතගහන්න ගිහින් රටට මොකක් වෙයිද කියලා මම දන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *