රාජපක්ෂ දේශපාලන සම්ප්‍රදාය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) කිසිවිටෙකත් ජාතිවාදී දේශපාලනයක නිරත නොවූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය.
නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, තම පාර්ශවය සැමවිටම පෙනී සිටියේ ජාති හෝ ආගම් භේදයකින් තොරව තමන් නිවැරදි යැයි විශ්වාස කළ දේ වෙනුවෙන් බවයි.