ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික ආහාර නිෂ්පාදන සමාගමක් වන CBL සමූහය, ඉන්දුනීසියාවේ පිහිටි දැවැන්ත පොල් සැකසුම් මධ්‍යස්ථානයක් වන PT Tri Jaya Tangguh (TJT) සමාගම අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 25ක (රුපියල් බිලියන 7.5කට අධික) ආයෝජනයකින් සිදුකළ මෙම ගනුදෙනුව, ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගමක් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.