කොළඹ නගර සභාව විසින් පෙර පාසල් ගුරු වැටුප 10,000 කින් ඉහළ දමයි

කොළඹ නගර සභාව පාලනය කරන පෙර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීමට එම නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව නගර සභාවේ පෙර පාසල් ගුරුවරයකුගේ වැටුප රුපියල් 30,000 ක් දක්වා ඉහළ දැමූ බවත් නාගරික මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා පැවසීය.

පෙර පාසල් ගුරුවරුන්ට ඉහළ දැමූ වැටුප ලබන පෙබරවාරි මස සිට හිමිවන බවත් ඊට අමතරව කොළඹ නගර සභා සීමාවේ සියලුම ආගම්වල ලියාපදිංචි දහම් පාසල්වල දරුවකුගේ උදෑසන ආහාර වේලක් සඳහා පැවැති රුපියල් 60 රුපියල් 100 ක් දක්වා රුපියල් 40 කින් ඉහළ දැමීමට ද මුදල් කමිටුවේ අනුමැතිය ලැබුණු බව ද අලුත්ගෙදර මහතා කීය.

පෙර පාසල් ගුරවරුන්ගේ වැටුප රුපියල් 35,000 ක් දක්වා ඉහළ දමන ලෙස කාන්තා හා ළමා මුල්විය සුබ සාධන කමිටුවට ද, දහම් පාසල් දරුවන්ගේ ආහාර දීමනාව රුපියල් 100 ක් දක්වා ඉහළ දමන ලෙස ස්ථාවරර කමිටුවේදී ද, තමන් ඉල්ලීම් කළ බව කී අලුත්ගෙදර මහතා ඒ අනුව එම යෝජනා මෙම වසරේ අයවැයට සංශෝධන සමඟ ඇතුළත් කිරීමෙන් පසුව මුදල් කමිටුවේ අනුමැතිය ඊයේ (24) ලැබුණු රෝසි සේනානායක මහත්මිය නගරාධිපතිනිය ලෙස කටයුතු කරද්දී පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප 14,000 සිට 20,000 දක්වාත්, දහම් පාසල් දරුවන්ගේ ආහර දීමනාව රුපියල් 40 සිට 60 දක්වාත් සිය යෝජනවාක් අනුව ඉහළ දැමීමට හැකි වූ බව කී චමින්ද අලුත්ගෙදර මන්ත්‍රීවරයා පැවසුවේ පෙර පාසල් ගුරුවරු 40 කට ආසන්න සංඛ්‍යාවක් සහ දහම් පාසල් දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකට මේ හරහා සෙත සැළසෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *