ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව දැනට නිවැරදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිවයිනට පැමිණි IMF නියෝජිත පිරිස අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය.