හිටපු ජනපති රනිල් GMOA වෙත ලබා දුන් ඉඩම නැවත රජයට පවරා ගනියි

නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට (GMOA) ලබා දී තිබෙනවා.

නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති අතර බදු කොන්දේසි කඩකිරීම හේතුවෙනුයි එම ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත්තේ.

හෙක්ටයාර 2.0234 ක මෙම ඉඩම 2023. 05. 24 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසරක් 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී ඇති අතර අක්කරයක් රුපියල් 50,000ක පමණ මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොනදේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මෙම ඉඩම පිහිටි ප්‍රදේශය දියලුම ඇල්ල ඇතුළු ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ගණනාවකට පහසුවෙන් ප්‍රවේශ වියහැකි ස්ථානයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *