රෝගීන් පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියේය.
වර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසීය:
“අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් තමයි අපි හැම දෙනාටම පඩි ගෙවන්නේ. රෝගීන් බිල්ලට දීලා කරන අසාධාරණ වර්ජන වෛද්‍ය පරිපාලකයෙක් විදිහට මට අනුමත කරන්න බැහැ.”