ශ්‍රී ලංකාවේ ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් පිහිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කලීඩ් නසාර් අල්අමේරි මහතා සහ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර සාකච්ඡාවක් වරාය අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
දෙරට අතර සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවේ වරාය හා ගුවන් සේවා ක්ෂේත්රය දියුනු කළ හැකි ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ නායකයින් සදහා වන ජාත්‍යන්තර වැඩසටහන ලබන තුන්වනදා සිට 06 වනදා දක්වා ඩුබායි නගරයේදී පැවැත්වීම නියමිතයි.
අමාත්‍යවරයාට මෙයට සහභාගී වන ලෙස නිල වශයෙන් ආරාධනා කෙරුණා .
ලෝක රාජ්‍ය සමුළු මධ්‍යස්ථානයේ පැවැත් වෙන ගෝලීය සේවා සැපයුම් වට මේස සාකච්ඡාවකටද සහභාගී වීම සදහා අමාත්‍යවරයාට ආරාධනා කෙරුණා.
සාකච්ඡාවේදී තවත් බොහෝකරණු අවධානයට ගත් බවයි වාර්තා වන්නේ