තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භකර තිබෙන මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ පැමිණියේය.
මෙම විරෝධතාකරුවන් ඉකුත් ජනවාරි 26 වනදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව ආරම්භ සිටියි.
කෙසේ නමුත් ඔවුන් සිය විරෝධතාව මාරාන්තික උපවාසයක් කිරීමෙන් අනතුරුව එහ නිරතව සිටි කිහිප දෙනෙකුම සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී රෝහල්ගත කෙරුණි.