විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය වසරේදී (2025) එක්සත් ජනපද ඩොලර් බිලියන 8.1ක් මෙරට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මෙරට ඉතිහාසයේ එක් වසරකදී විදේශගත ශ්‍රී ලාංකිකයන් රටට එවූ වැඩිම මුදල එයයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ. ජ. ඩොලර් මිලියන 879 මුදලක් මෙරටට ලැබුණා. එම මුදල් ප්‍රමාණයත් සමඟම 2025 වසරේ සමස්ත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 8.1ක් වාර්තා කළා. වසර 2024ට සාපේක්ෂව වසර 2025 දී මෙහි සිදුවී ඇති වර්ධනය සියයට 22.8ක්. ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගය වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 8.1ක සීමාව ඉක්මවා තිබෙනවා. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකියි.”