නුගේගොඩ ලංකා සිනී වෙලදසැල වසා නෑ – සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමාගම කියයි

ලංකා සීනි සමාගම (පුද්.) යටතේ පවතින නුගේගොඩ සිල්ලර වෙළෙඳසැලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන තොරතුරු අසත්‍ය බව එම සමාගම නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම සංගමය නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ, පසුගිය ජනවාරි 31 වන සෙනසුරාදා දින අදාළ වෙළෙඳසැල තාවකාලිකව වසා තැබීමට සිදු වූයේ එහි සේවයේ නියුතු විකුණුම් සේවකයා හදිසියේ අසනීප වීම හේතුවෙන් පමණක් බවයි.

එමෙන්ම ඊයේ (01) දින පොහොය දිනයක් බැවින් සාමාන්‍ය පරිදි වෙළෙඳසැල වසා තැබූ බවද එහි සඳහන් වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙනත් අර්ථයක් ජනිත වන පරිදි පළ කර ඇති සියලුම ප්‍රකාශයන් පදනම් විරහිත, අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ඒවා බව ලංකා සීනි සමාගම අවධාරණය කරනවා.

නුගේගොඩ සිල්ලර වෙළෙඳසැල මේ වන විට සම්පූර්ණයෙන්ම විවෘතව පවතින අතර පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි සේවය සපයනු ලබන බව නිවේදනය මගින් පවසා තිබෙනවා.

ඒ අනුව සතියේ දින සහ සෙනසුරාදා පෙරවරු 9.00 සිට ප.ව. 7.00 දක්වාත් ඉරිදා දිනවල පෙරවරු 9.00 සිට ප.ව. 2.00 දක්වා වෙළඳසැල විවෘතව පවතින බව ලංකා සීනි සමාගම සඳහන් කරනවා.

සමාගම විසින් නිකුත් කරන නිල දැනුම්දීම් පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසත්, අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත් ලංකා සීනි සමාගම (පුද්.) මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *