විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මහ ලේකම්වරයා, මෙවැනි ප්‍රතිපත්ති විරහිත පුද්ගලයෙකු රටේ ජනාධිපති ධුරයට පත්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.