ලාභ ලැබූ මිල්කෝ සමාගම කිරි ගොවීන් 22000කට ලාභාංශ ලබා දෙයි

වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය තහවුරු කළ බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

ආර්ථික ක්‍රියාවලියට සියලුදෙනා සම්බන්ධ වන, සියල්ලන්ට ප්‍රතිලාභ ලැබෙන නව පරිවර්තනීය යුගයක් ගොඩනැගිය හැකි බව විශ්වාස යැයි ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

‘මිල්කො කිරිගොවි අභිමන්’ කිරිගොවි ප්‍රසාද දිමනා පිරිනැමීමේ  සහ කිරිගොවි රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ ජාතික උත්සවය අමතමිනින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 

අරලියගහ මන්දිරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

‘කිරෙන් පොහොසත් සාරවත් රටක් ‘ යන තේමාව මුල් කරගත් මිල්කෝ කිරිගොවි අභිමන් උළෙල 2025 වර්ෂයේ ඉහළම වෙළෙඳ  පිරිවැටුප් වාර්තා තබමින් ඓතිහාසික ශුද්ධ ලාභයක් වාර්තා කළ මිල්කෝ ආයතනයට එම ලාභය අත්කරගැනීම සඳහා උරදුන් මිල්කෝ කිරිගොවි ප්‍රජාව ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරිණ.  

මෙම වැඩසටහනට අනුව මිල්කෝ ආයතනය හා සම්බන්ධ කිරි ගොවීන් 22000කට ආසන්න පිරිසක් වෙත මිල්කෝ ආයතනයේ ලාභාංශ,  දීමනා ලෙස ප්‍රධානය කිරීමට නියමිත අතර මෙම උත්සවයේ දී කිරිගොවීන් දෙදහසකට එම  දීමනාව සංකේතාත්මකව ප්‍රදානය කෙරිණි.

මිල්කෝ ආයතනය හා සම්බන්ධ  දිවයිනේ සියලු පළාත්වල  කිරි ගොවීන් සඳහා  ප්‍රසාද දීමනා ප්‍රදානය කිරීම සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීමට ලක් කිරීමද  මෙම උත්සවයේ දී සිදුවිය.

image d13375627d Iri News
image e5af1b809b Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *