ශිරන්ති රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවයි – නාමලුත් CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03දා) පෙ.ව. 09 ට මූල්‍ය අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

සිරිලිය ගිණුමේ මුදල් භාවිත කරමින් නිවසක් මිලදී ගත් බවට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇයට මෙම කැඳවීම කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග සම්බන්ධතා පැවැත්වූ බවට

එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *