පැය 4ක පමණ ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා.
සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට පසුගිය 27 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
එහෙත්, ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණේ තමාට එහි පෙනී සිටීම සඳහා සති දෙකක සහන කාලයක් ලබාදෙන ලෙසටයි.
ඒ අනුවයි, ඇය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ.