උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් හා සටහන 3 මගින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ සඳහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Servic-es” “Online Applications – Recruitment Exams/ E.B. Exams” ඔස්සේ පළ කර ඇති අයදුම්පත් ඉදිරිපත් කර හැක්කේ මාර්ගගත ක්‍රමයට (Online) පමණි.

මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2026 පෙබරවාරි මස 20 වන දින පෙ.ව. 09.00 ට විවෘතවන අතර 2026 මාර්තු මස 05 වන දින ප.ව. 09.00 ට අවසන් වන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *