ඉන්දීය රජයේ පූර්ණ අනුග්රහයෙන් මෙරටට වැඩම කෙරුණු ශ්රී සර්වඥ ධාතූන්වහන්සේ මේ වනවිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කර තිබේ.
ශ්රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ඇත.
ශ්රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට (05) උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවෙයි.