හිටපු කතානාය​ක මහින්ද යාපා අවුරුදු 02ට ලක්ෂ 482ක තෙල් ගසා ඇති බව හෙලි වෙයි

හිටපු කථා­නා­ය­ක­ව­රුන් අසී­මිත ලෙස වර­ප්‍ර­සාද භුක්ති විඳි අව­ස්ථා­වක තම තන­තු­රට තිබූ වර­ප්‍ර­සාද කප්පාදු කර­මින් ආදර්ශ­වත් පාර්ලි­මේ­න්තු­වක් නිර්මාණය කිරිමට වත්මන් කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා කට­යුතු කළ බව ජාතික ජන බල­වේ­ගයේ කළු­තර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටි­ආ­රච්චි මහතා පැවසුවා.

පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (03) ඔහු මේ බව පවසා සිටියා.

චන්දිම හෙට්ටි­ආ­රච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ, හිටපු කථා­නා­ය­කවරු වාහන සඳහා අන්ලි­මි­ටඩ් තෙල් ගැසු බවත් 2023 දී හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා රුපි­යල් ලක්ෂ 148ක තෙල් ද 2024 වස­රේදී රුපි­යල් ලක්ෂ 334ක තෙල් ගසා තිබෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටි­ආ­රච්චි මහතා,

“පාර්ලි­මේ­න්තු­වට ලණු­වක් දුන්නාද නැද්ද කියලා පරී­ක්ෂ­ණ­යක් යනවා. දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­රයා මූලික පරී­ක්ෂණ වාර්තා­වක් සභා­ගත කළා. සභා­ගත කළ ඒ දේ මම බැලුවා. එහි පිටු අංක 18 තිබෙන්නේ, “දින තුන­ක­දීම කුල­රත්න මහ­තා­ගෙන් ප්‍රකාශ සට­හන් කර ගත් අතර ඔහුට තව­දු­ර­ටත් කරුණු ලිඛි­තව ඉදි­රි­පත් කිරී­ම­ටත් ඒ සමඟ අවශ්‍ය යැයි සල­කන ලිපි ලේඛන ඉදි­රි­පත් කිරී­ම­ටත් ඔහුට අව­ස්ථාව ලබා­දු­නිමි.” එසේ ඉඩ දුන්නේ නැහැ කියලා විපක්ෂ නාය­ක­ව­රයා, දයා­සිරි මන්ත්‍රී­ව­රයා දැන් මෙතැන වැළ­ලෙන්න හැදුවා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රෝල් කරලා කථා­නා­ය­ක­ව­ර­යාගේ පුටුව අස්සේ ගහලා කියන මට්ට­මෙන් තමයි ඔවුන් කතා කළේ. නමුත් ඔහුම ඉදි­රි­පත් කළ වාර්තා­වේම තිබෙ­නවා අව­ස්ථාව දුන් බවට. 2023 වසරේ නියෝජ්‍ය මහ ලේකම් තන­තු­රට ඇඩ්ව­ර්ටී­ස්මන්ට් එකක් දානවා. ඒ අනුව තමයි මේ තන­තු­රට බඳවා ගන්නේ. කුල­රත්න මහ­තාගේ සේවා ස්ථිර කිරී­මේදී වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට පෙනී ඉඳලා නැහැ.

විප­ක්ෂයේ පශ්චාත් භාගය මෙම­ඟින් එළි­යට එනවා. පාර්ලි­මේ­න්තුව අස­භ්‍ය­ක­ර­ණ­යට ලක් කරන්න ඇතැම් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් උත්සාහ කර­නවා. වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න කියන්නේ කවුද කියලා මම කිය­න්නම්. අසී­මිත ඉන්ධන කථා­නා­ය­ක­ව­රුන් පාවිච්චි කරද්දී, කථා­නා­ය­ක­ව­ර­යෙ­කුට අසී­මිත ඉන්ධන ඕන නැහැ කියලා තමන්ම යෝජ­නාව ගෙනැ­විත් 2025 මැයි 02 වැනිදා සම්මත කර­ගෙන ඒක කප්පාදු කළ කථා­නා­යක. නිල රථ ඕසෙට තියා­ගෙන පැදපු කථා­නා­ය­ක­වරු සිටි තැන තමන්ට නිල රථ දෙකයි කියලා නිල රථ දෙකක් ගත්ත කථා­නා­යක. පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­යට මුළු යාපා පටු­නම දාගෙන හිටපු කාලේ, මත­කනේ. පුතත් යාපා, දුවත් යාපා. අන්න ඒ කාලයේ අක­ර­තැ­බ්බ­යක් මේ පාර්ලි­මේ­න්තු­වට නොකර කාර්ය මණ්ඩ­ලය 8කට සීමා කළ කථා­නා­යක, ඒ නිසා මම කැම­තියි උපුටා ගැනී­මක් කරන්න. හිටපු කථා­නා­ය­කලා අන්ලි­මි­ටඩ් තෙල් ගැහුවේ. 2023 දී කථා­නා­යක රුපි­යල් ලක්ෂ 261ක තෙල් ගහලා. 2024 වස­රේදී රුපි­යල් ලක්ෂ 334ක තෙල් ගහලා. නියෝජ්‍ය කථා­නා­යක 2023දී රුපි­යල් ලක්ෂ 148ක තෙල් ගහලා. රුපි­යල් ලක්ෂ 135ක 2023 වස­රේදී තෙල් ගහලා. 2023දී හිටපු කථා­නා­යක ආහාර ලක්ෂ 26ක කාලා. රුපි­යල් ලක්ෂ 31ක 2024දී කාලා. වාහන, කථා­නා­ය­කට 2023දී 8යි. 2024දී 9යි. දැන් කථා­නා­ය­කට 2 යි. මාධ්‍ය ඒක­කය 1යි. නියෝජ්‍ය කථා­නා­ය­කට ඒ දව­ස්වල 2023දී වාහන 6යි. දැන් 1යි. ආද­ර්ශ­වත් පාර්ලි­මේ­න්තු­වක් හදන්න මැදි­හත් වූ කථා­නා­ය­ක­තුමා දැන් අමා­රුයි දරන්න බැහැ. ඒ නිසා තමයි මේ මඩ ව්‍යාපා­රය ගහන්නේ. විප­ක්ෂය දැන් ඇන­ගෙන ඉන්නවා. පොහො­ට්ටුවේ කුණු කරේ තියා­ගෙන ගිහිං විපක්ෂ නාය­ක­ව­රයා අමා­රුවේ වැටිලා. නියෝජ්‍ය මහ ලේකම් වන්නම නටලා අව­සන් වුණාම මහන්සි නම් එන්න අපි පස්සේ වෙලා­වක සීතල වතුර වීදු­රු­වක් බොමු විපක්ෂ නාය­ක­ව­රයා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *