නිදහස් දින සැමරුමෙන් පෙනී යන්නේ අනුර හැම ජාතියකම ජනාධිපති බවයි – ආචාර්ය මහේෂ් හපුගොඩ

ආචාර්ය මහේෂ් හපුගොඩ ඔහු සමාජ මාධ්‍යයේ පළ කරන අදහස් විමසා බැලීමේ දී රනිල්වාදී කදවුර නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස හදුනාගත හැකි අයෙකි.

මෙවර ජාතික නිදහස් සැමරුම පිළිබදව ඔහු සිය නිල ෆේස්බුක් ගිනුමේ තබා ඇති සටහන අපි පහත උපුටා දක්වමු.

මෙවර නිදහස…

මෙවර නිදහස් සැමරුම ගැන කියද්දී මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම් සිංහල බෞද්ධ කේන්ද්‍රීය නිදහස් සැමරුමක් වෙනුවට පොදුවේ හැම ජාතියක්ම නියෝජනය වෙන විදියට ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා කියන එක.

නිදහස් උත්සවය පුරාවට නිවේදන කටයුතු කරපු කෙනා ඒක ඒ විදියටම කිව්වා. ඒ වගේම අනුර සමත්වෙලා තියනවා ලංකාවේ උතුරේ සහ නැගෙනහිර සුළු ජාතික ප්‍රජාව විශාල ප්‍රමාණයකට නියෝජනය කරන්න. ඒ අනුව ඔහු ඇත්තටම ලංකාවේ හැම ජාතියකම ජනාධිපති වෙලා තියනවා. ඔහු ඒ ගැන ඉතාම සවිඥාණිකයි. ඒක වැදගත්.

ඒක ලංකාවේ අපි යම් වෙලාවක පාර්ථනා කරපු දෙයක් යම් පමණකට හරි ඉටුවීමක්. සහ ලංකාව තවත් අඩියක් ඉදිරියට යාමේදී ඒ. සර්ව ජන ලාංකික පිළිබිඹුව. ඉතාම වැදගත් වේවි. ඒක වෙනුවෙන් අනුරට සහ මාලිමාවට වගේම ජවිපෙටත් අපි ස්තුති කරන්න ඕනි.

දෘෂ්ටිමය වශයෙන් ඒක මහින්ද ජනාධිපතිවරයාට කරන්න බැරි උනා. ඒ ඔහු හිටපු තැනත් එක්ක. මෛත්‍රී යම් පමණකට නියෝජනය කළා. පසුව ඒක අහෝසි උනා. රනිල්ටත් පොහොට්ටු දීගය එක්ක ඒක නියෝජනය කරන්න බැරි උණා. මේ මොහොත වෙද්දි ඒක කොහොමටත් ඒ කාටවත් නැහැ.

ජාතිවාදී නොවීම විතරක් නෙවෙයි පුළුල් ලිබරල් මනුෂ්‍ය හැසිරීම පැත්තෙන් ගත්තත් මාලිමාව යම් පමණකින් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. විශේෂයෙන් දේදුනු වර්ණ මිනිසුන් වෙනුවෙන්.

මම දකින්නේ මේක ලංකාවේ සංස්කෘතික – දේශපාලනයේ ඉදිරි ගමනක් විදියට. ඒක පවා මිනිස් නිදහසේ කොටසක්. අනික් අයට කරන්න බැරිවෙච්ච දෙයක්.

ඒ අනුව ලංකාවේ සංස්කෘතික දේශපාලනයේ දිශාව යම් ඉදිරිගාමී බවක් වෙතට මාලිමාව එක්ක යමින් තියනවා. අනික් අයට දේශපාලනය කරන්න වෙන්නේ ඒ එක්ක මිසක් එයට එරෙහිව නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *