කඩයක්වත් කරගන්න නොහැකි බවට වත්මන් ආණ්ඩුව දැනටමත් ඔප්පුකර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (ස.ජ.බ.) ප්‍රකාශ කළේය.
“අද ඒ.කේ.ඩී. බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරනවා. නමුත් අද ධනවාදයද සමාජවාදය ද කියා සිතා ගන්න බැහැ. ඇතැමුන් ධනවාදයට බරයි. සම්පූර්ණයෙන්ම ඒක කරන්න යනවා. නමුත් කරන්න බැහැ.
කඩයක්වත් කරගන්න බැහැ කියා මේ ආණ්ඩුව ඔප්පු කර තිබෙනවා. ආර්ථික අතින් රට පහළ යමින් තිබෙනවා. අද කථානායකවරයා සම්බන්ධයෙන් කතා කළා. නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් කතා කළා. මේ නීතිරීතිවලට විරුද්ධව යම්කිසි සිදුවීමක් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. නියෝජ්‍ය මහලේකම්වරයා හොඳ සේවයක් ලබාදුන්නා.
කථානායකවරයාගේ කාමරයේ සිදුවන දේ පාර්ලිමේන්තුවට අදාළයි. නිලධාරියකු වශයෙන් ඒ අයට කතා කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ උපකරණ භාවිතය, අමතර දිවා ආහාර ලබාගැනීම, රජයට අයත් නිල නිවාස දෙකක් තිබෙනවා.”