මොරටුවේ බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරික්ෂාව කරයි – 08ක් පොසිටිව් වෙයි,බස් 03ක් පොලිසිය භාරයට

මොරටුවේ ප්‍රදේශයේ බස් රථ රියදුරන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරනවාද යන්න පරික්ෂා කිරීම අද උදෑසන මොරටුව ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙහිදි බස් රථ රියදුරන් 250ක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එමගින් 08 දෙනෙක්ගේ ප්‍රතිඵල පොසිටිව් වී තිබේ.

මේ අතර එක් රියදුරෙක් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බව අනාවරණය වී තිබෙන අතර හෙරොයින් භාවිත කළ රියදුරෙක්ද මෙහීදි හදුනාගෙන තිබේ.ගංජා භාවිත කළ බස් රථ රියදුරන් 05 දෙනෙක්ද පරික්ෂාවෙන් අනාවරණය කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *