රැදවුම්භාරයේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීම සදහා ඔහුගේ සහෝදරයා පසුගිය දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකු ඉදිරියේ සිදුව ඇති සාකච්ඡාවේ දී, “දැන්නම් අනුර ඉවරයි.. ඡන්දයක් තිබ්බොත් කුණු වෙන්ඩ පරදිනවා”; යැයි, පිල්ලෙයාන්ගේ සහෝදරයා පිල්ලෙයාන්ට පවසා තිබේ.
එහිදී, සංවාදයට මැදිහත්ව තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා, දේශපාලනය හෝ ආණ්ඩුව ගැන සාකච්ඡා නොකරන ලෙස ඔවුන් දෙදෙනාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර, ඒ පිළිදව සොයා බැලීම සදහා ඊයේ දිනයේ දී, පිල්ලෙයාන්ගේ නීතීඥයා වන ගම්මන්පිල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.
ගම්මන්පිලගේ අදහස වන්නේ රැදවියෙකුට පවුලේ අය සමඟ දේශපාලනය පිළිබදව සාකච්ඡා කළ හැකි බවයි.