2028 වසරේ දී විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි වී රට යළි ආර්ථික අර්බුදයකට ඇද වැටෙනු ඇතැයි විපක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් සහ ඔවුන්ට සහාය දක්වන පිරිස් සැක මතු කරමින් සිටිති.
ඊට අමතරව, දිත්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට දැවැන්ත බලපෑමක් ඇතිව තිබෙන බවත්, එබැවින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැමිණ තිබෙන එකඟතා යලි සලකා බලන ලෙසටද ඔවුන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපති එස් නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා අදහස් දක්වා තිබුණි.
ඔහු පවසන ආකාරයට, 2028 වසරේ දි ණය ආපසු ගෙවාගත නොහැකිව රට යළි ආර්ථික අර්බුදයකට යනු ඇතැයි පැවසීම, කිසිදු පදනමක් නැති කතාවකි.
ඉන් සිදුවිය හැක්කේ, ආයෝජකයන් තුළ සැක සංකා මතු කිරීම සහ අපට ණය දීමට කැමැත්තෙන් පසුවන රටවල් අධෛර්යමත් කිරීම පමණි.
මහබැංකු අධිපතිවරයා පවසන ආකාරයට 2025 වසර තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.5 ක මුදලක් විදේශීය ණය සේවාකරණය සදහා වැයකර තිබේ.
ඉදිරි කාලය පිළිබදව සලකා බැලීමේ දී ණය සේවාකරණය සදහා වාර්ෂිකව අවශ්‍යවන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 ක් පමණ වේ.
ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන අටත් දහයත් අතර ප්‍රමාණයක විදේශ සංචිත ප්‍රමාණයක් රැස්කර ගැනීමට රජය අපේක්ෂා කරන බැවින්, යළි ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුව නැති බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි.