මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිය විරෝධය පළ කර සිටියි.
අද දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය භාවිතා කළ සේවකයින් හඳුනාගැනීමේ ප්‍රායෝගික ගැටලු පවතින බවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සේවයේ යෙදවීමට තම සංගමය කටයුතු නොකරන බවත්, පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත් ඔහු අවධාරණය කළේය.
මධ්‍යසාර අරගෙන බස් දිව්වොත්, බලපත්‍ර අහෝසි කරනවාලු,
දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ගංජා බීලා බස් රථ සේවකයෙක් වැඩ කරොත් කොහොමද අපි අදුනගන්නේ?
මද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු රියදුරු මහත්තුරු, කොන්දොස්තර මහත්තුරු අපේ බස් රථවල යොදවන්නේ නැහැ.
පහුගිය කාලේ අහුවුණේ ඉතාමත් සුළු ප්‍රතිශතයක්.
දැනටමත් බස් රථවල රියදුරන් නැහැ.
අපි දැනටමත් සාකච්ඡා කරා ඉන්දියාවෙන් රියදුරු මහතුන් ගෙන්න ගන්න.
බස් කර්මාන්තය අමාරුවෙන් කරගෙන යන්නේ.
අපි දවස් දෙක තුනක් ස්ට්‍රයික් කරොත් එහෙම කොහොමද බලමුකෝ ආණ්ඩුවට මොකද වෙන්නේ කියලා.
කරුණාකරලා බස් හිමිකරුවන්, නිදන් ඉන්න කොටි අවුස්සගන්න එපා.
– ගැමුණු විජේරත්න –